Sunday, February 15, 2026
Follow Us
අනතුරුදායක නොවන ස්ථානවලින් දිය නාන්න

වන්දනාවේ යන බැතිමතුන්ට පොලිසියෙන් අවවාදයක්


පොසොන් වන්දනා සමය වෙනුවෙන් අනුරාධපුරයට සහ පොළොන්නරුවට පැමිණෙන බැතිමතුන් ස්නානය සඳහා ජලාශ භාවිත කිරීමේදී දියනෑමට සුදුසු අනතුරුදායක නොවන ස්ථාන යොදා ගත යුතු බව පොලිස් නාවික හා ජීවිතාරක්ෂක කොට්ඨාසය පවසයි.

ඒ අනුව මෙවර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 200 ක් පමණ මහජනතාවගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියංකර ද සිල්වා පැවසීය

Aruna