Saturday, December 27, 2025
Follow Us
බිත්තරයක් රුපියල් 50 දක්වාත්, කුකුළු මස් 1200 දක්වාත් වැඩිවෙයි

වෙළඳපලේ කුකුළු මස් සහ බිත්තර මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ බඩඉරිගුවල හිගකම සහ අමුද්‍රව්‍ය ලබාගැනීමට ඇති අපහසුතා මෙම තත්ත්වයට හේතු වූ බවයි.

මේවනවිට වෙළඳපලේ බිත්තරයක් අලෙවි වන මිල රුපියල් 50 ට ආසන්න වී තිබෙනවා. කුකුළු මස් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 1, 200 කට අධික මිලකටයි.

Neth