Saturday, December 27, 2025
Follow Us
අවුරුදු 12 පෙම්වතියව අවුරුදු 40 පෙම්වතා දූෂණය කරලා

හය වසරේ පෙම්වතියගේ බෑගයේ දෙදරු පියාට ලියූ පෙම් හසුනක්


වයස අවුරුදු 12ක් හා මාස පහක් වියැති බාලවයස්කාර දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරිම සම්බන්ධයෙන් දැරියගේ 40 හැවිරිදි සැකකාර පෙම්වතා ඊයේ (11) අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලන නරාවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. මෙම දැරිය ඇයගේ ආච්චි අම්මා විසින් හදාවඩා ගනු ලබන දැරියකි. සැකකාර දෙදරු පියා විසින් මෙම දැරිය සමග දැනට වසර එක හමාරක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

දැරිය එම ප්‍රදේශයේ පාසලක හය වසරේ ඉගෙනුම ලබන අතර දැරියගේ පාසල් බැගයේ තිබි පෙම් හසුනක් විෂයභාර ගුරුවරියට හමුවි ඇත. පසුව මේ පිළිබද දැරියගේ ආච්චි දැනුවත් කිරිමට කටයුතු කර තිබු අතර ඇය දැරිය සමග පැමිණ පොලිසියට පැමිණිලි කොට තිබුණි.

මෙම දැරිය වසර එක හමාරක පමණ කාලයක සිට සැකකාර දෙදරු පියා විසින් වරින් වර ඇය බරපතල ලෙස ලිංගිකව අපයෝජනයකට ලක්කොට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත. මෙම දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයකට යොමුකොට තිබු අතර ඇය දුෂණයට ලක්ව ඇති බව වෛද්‍ය පරික්ෂණයේ දි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.

සැකකරු අද (12) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ අතර අක්මීමන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Aruna