මෙරට ගෑස් හිඟය තවත් මාසයක් පමණ පවතිනු ඇති බව ලිට්රෝ සමාගම පවසනවා. තායිලන්තයෙන් ආනයනය කෙරෙන පළමු ගෑස් තොගය මේ මස අවසන් වීමට පෙර මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ. ගෑස් ගෙන්වන සියම් සමාගම සමඟ මෙම සතියේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි.
ආණ්ඩුවට එරෙහි රට පුරා හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහභාගි වීමට වෘත්තිය සමිති රැසක් එකඟතාව පළ කර තිබෙනවා.
නොරොච්චෝල විදුලි බලාගාරයේ මෙගාවොට් 270ක විදුලි ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් ඇතිවී තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.
වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල සහයෙන් එළඹෙන 06 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සහය දීමට තීරණය කර තිබේ.
අද දිනයේදී (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර රටේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු රැස්වීම ඉතාමත්ම තීරණාත්මක වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
Page 266 of 753