Friday, July 04, 2025
Follow Us
පාස්කු ප්‍රහාරයේ නඩුව කල්යයි

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කරයි


පාස්කු ප්‍රහාරයට අදාළව නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති, නඩුව මාර්තු මස 03 වන දා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම විසින් අද නියම කෙරුණා.
ඒ අදාළ නඩුව දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නවුෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකු වෙත එම නඩුවෙන් චෝදනා එල්ල කර තිබෙනවා.

(Aruna)