බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විශේෂ මෙහෙයුමක් අරඹයි
මත්ද්‍රව්‍ය භාවිතා කර රාජකාරියේ යෙදෙන පෞද්ගලික බස් රථ සේවකයින් සොයා පොලිසිය සමග එක්ව ඉදිරියේ දී විශේෂ මෙහෙයුමක් අරඹන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව පැවැසීය.
බස්නාහිර පළාත තුළ ධාවනය වන පෞද්ගලික බස් රථවල සේවය කරන සමහර රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්කුඩු ඇතුඑ මත්ද්‍රව්‍ය වර්ග පානය කර සේවයේ යෙදෙන බවට මගීන්ගෙන් විශාල වශයෙන් දෛනිකව පැමිණිලි ලැබෙන බවත් ඒ පිළිබඳව සලකා බලා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට කටයුතු යෙදු බවත් සභාපතිවරයා පවසයි.
දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු දෙස බැලීමේ දී පෞද්ගලික බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනයේ යෙදීම මෙයට යම්තාක් දුරට බලපෑමක් ඇති කර තිබෙන බවත් එම නිසා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධික්‍ෂණය යටතේ මෙම විශේෂ මෙහෙයුම බස්නාහිර පළාත පුරා ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසයි.
බස්නාහිර පළාත තුළ බස් නැවතුම්පලවල් 88ක් කේන්ද්‍රකරගෙන සේවා මාර්ග 519ක් ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ මෙලෙස පරීක්‍ෂාවන්ට ලක් කෙරෙන අතර එතුළින් යහපත් මගී ප්‍රවාහන සේවාවක් ලබාදීම තම අරමුණ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.
(Aruna)