Tuesday, February 24, 2026
Follow Us
ඉන්ධන නැතිව කැලණිතිස්ස නවතී

විදුලි කප්පාදුවට හේතුව විදුලි බල මණ්ඩලය කියයි


ඉන්ධන නොමැති වීම නිසා කැලණිතිස්ස බලාගාරයේ ජනන කටයුතු අද (13)පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම නිසා අද සිට දිවයින පුරා ප්‍රදේශ ගණනාවක දිනකට පැය දෙක හමාරක විදුලිය කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

ඉන්ධන නොමැති වුවහොත් ඉදිරියේදී තවත් බලාගාරවල ජනන කටයුතු නතර කිරීමට සිදුවනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි

(Aruna)