Tuesday, February 10, 2026
Follow Us
රුහුණු මහා කතරගම දේවාල මංගල්‍යයේ 8 වැනි පෙරහර අද

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ අටවැනි දින පෙරහර අද (03 වැනිදා) රාත්‍රියේ විදි සංචාරය කෙරේ.

පසුගිය 01 වැනිදා රාත්‍රි පෙරහර කද කුමරුන් වැඩමවා වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කර පෞරාණික චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව නැවත මහා වීදිය ඔස්සේ මහා දේවාලයට ගෙවැදීමෙන් පසුව නිමාවිය.

මෙම පෙරහරට බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර එක්වූ අතර අලි ඇතුන් සමග දෙවියන්ගේ භක්තිය විදහාපාන නැටුම් කාණ්ඩයම් රැසක් පෙරහර සඳහා එක් කර තිබිණි.