Saturday, February 14, 2026
Follow Us
ගත වූ මාස 6 තුළ සංචාරකයින් 1,168,044 දෙනෙකු දිවයිනට
2025 වසරේ ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් 1,168,044 දෙනෙකු ශ්රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ සංචාරක මාසික වාර්තා සටහනේ දැක්වේ.

ජුනි මාසයේ දී පමණක් ශ්රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්යාව 138,241ක් වන අතර එය 2024 වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.

ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ඔස්ට්ර්ලියාව සහ පාකිස්තානය යන රටවලින් පිළිවෙළින් පසුගිය මාසයේ වැඩිම සංචාරක පැමිණීම සිදු ව තිබේ.