Tuesday, February 24, 2026
Follow Us
යළිත් ඉහළ යන පොල් මිල

පොල් වගාකරුවන්ගෙන් පැහැදිලි කිරීමක්

ඵලදාව අඩුවීම හේතුවෙන් වෙළඳපොලේ පොල් ගෙඩියක මිල රුපියල් 10 ත් 15 ත් අතර අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 80ත් 95 ත් අතර මිලකට අලෙවි වන බව ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය සඳහන් කළා.

පසුගිය කාල සීමාවේදී පොල් ගෙඩියක මිල රුපියල් 60 දක්වා පහත බැස තිබුණා.

කෙසේ වෙතත් පොහොර ගැටලුව හේතුවෙන් මේ වන විට වතු වල පොල් ඵලදාව අඩු වී ඇති බැවින් පොල් මිල ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

දැනට මෙරට මාසික පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 200ත් 250ත් අතර පවතිනවා.

(Aruna)