Friday, July 04, 2025
Follow Us
දැරියන්ට නිරුවත පෙන්නන පොලිස් කොස්තාපල් මෙන්න

පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට

පානදුර ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (12) සවස අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය සඳහන් කළා.

ඊයේ දිනයේ සිසුවියන් දෙදෙනෙකු උදෑසන පාලසට එමින් සිටියදී මොටර් රථයක සිටි පුද්ගලයෙකු ඇඳ සිටි කලිසම පහත් කර ඔවුන් දෙදෙනාට නිරුවත පෙන්වා ඇති බවට අදාල පාසලේ විදුහල්පතිනිය විසින් ලබා දුන් තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ප්‍රදේශයේ සී.සී.ටී.වී.දර්ශන පරික්ෂා කිරීමෙන් පසු අදාල මෝටර් රථය සොයාගෙන ඇති අතර එය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරිවරියගේ නිල රථය බවට හඳුනාගෙන ඇතැයිද පොලීසිය පැවසුවා.

එම රථයේ රියදුරා වන මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(Aruna)