රට මුහුණ පා ඇති ගෑස් අර්බුදයට වගකිව යුත්තේ පසුගිය වසර 02 ක පාලනය බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරීන් චෝදනා කරනවා.
සමාගමේ කඩාවැටීමට බලපෑ ප්‍රධාන හේතුව ඩොලර් අර්බුදය පමණක් නොවන බවයි 12 දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්‍රෝ සමාගමේ වැඩසටහන් හා ප්‍රචාරක කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ පැවසුවේ.
ලිට්‍රෝ සමාගම දේශපාලනීකරණය කිරීමකින් තොරව ඒ සඳහා සුදුසු සභාපතිවරයෙකු පත් කිරීමට දැන් හෝ රජය කටයුතු කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
Neth