Saturday, December 27, 2025
Follow Us
පාපැදි සඳහා රක්ෂණ ක්‍රමයක්

පාපැදි අනතුරකට ලක්ෂයක රක්ෂණ වන්දියක්


පාපැදි සඳහා තිබෙන ඉල්ලුම ඉහළ යාමත්, මිල වැඩිවීමත් සමග රක්ෂණ සමාගම් විසින් පාපැදි සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදී ඇත.

වසර දෙකක කාලයක් තුළදී මිලදී ගත් පාපැදි මෙලෙස රක්ෂණය කිරීමට තීරණය කර ඇත.

පාපැදිය යම් අනතුරකට ලක් වුවහොත් රුපියල් ලක්ෂයක් දක්වා රක්ෂණ වන්දියක් සඳහා ආවරණය කෙරෙන අතර, ඊට අමතරව පාපැදිය යළි භාවිතයට ගත නොහැකි තරමටම හානියක් සිදු වුවහොත් පාපැදියේ මුළු වටිනාකම දක්වාම ගෙවීම කෙරේ.

පාපැදිය සොරකම් කළහොත් ඊට පාපැදියේ සම්පූර්ණ වටිනාකම දක්වා රක්ෂණ සමාගම් වලින් අයකර ගැනීමේ හැකියාව පවතින බවද එම සමාගම් කියයි.

Aruna