Saturday, December 27, 2025
Follow Us
සීසර්ලා යළි වැඩට බසී

ඉන්ධන අර්බුදයටත් වඩා ලීසිං අර්බුදය දරුණු වෙයි


රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ලීසිං සමාගම් සීසර්වරුන් මගින් වාහන පැහැර ගැනීම නැවතත් ආරම්භ කර ඇතැයි පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා චෝදනා කර තිබේ.

ඔහු අවධාරණය කර සිටියේ කොවිඩ් වසංගත සමයේ මේ සඳහා යම් විසඳුමක් ලබා දී තිබුණ ද මේ වන විට නැවත වරක් ලීසිං සමාගම් සුපුරුදු පරිදි ජනතාව පීඩනයට පත් කරමින් සිටින බවයි.

රට තුළ පවතින ඉන්ධන අර්බුදයට හා වාහන අමතර කොටස්වල මිල ගණන් ඉහළ යාමට විසඳුමක් ඉල්ලා සිටි ජනතාවට ලීසිං සමාගම්වලින් ලැබෙන පීඩනයත් එකතු වී ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

මෙවන් අර්බුදවලට හසු වී සිටින එම සංගමයේ සාමාජිකයන් බොහොමයකට සේවයෙන් ඉවත් වන්නට සිදුවී ඇති අතර ඔවුන්ගේ පවුල් හා මේ සේවය ලබාගන්නා ජනතාව දැඩි අපහසුතාවකට පත්වී සිටිති.

මල්සිරි ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඉන්ධන ගැටලුවටත් වඩා දරුණුව පවතින ලීසිං සමාගම් අර්බුදයට රජය කඩිනමින් විසඳුම් දිය යුතු බවත් එසේ කටයුතු නොකිරීමෙන් රටේ ජනතාව තවදුරටත් අපහසුතාවට පත්වෙන බවත් ය.

Aruna