පුණර්ජනනීය බලශක්තිය මෙරට තුළ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රටට දැවැන්ත පාඩුවක් සිදුවූ බව බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසනවා. ඔවුන් කියා සිටියේ දැන් හෝ පුණර්ජනනීය බලශක්තියට ශ්‍රී ලංකාව යොමු නොවුන හොත් පවතින අර්බුදය තවත් තීව්‍ර වනු ඇති බවයි.
පසුගිය මැයි 09 වනදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයට පොලීසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදිය යුතු බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල සහ ඩොලරයේ මිල උච්ඡාවචනය වීම සලකා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
Budhasasana, Religious and Cultural Affairs Minister Vidura Wickramanayake has granted permission for sending Hajj pilgrims from Sri Lanka this year after the Government of Saudi Arabia had given a quota of 1,585 Pilgrims from Sri Lanka.
ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම තවදුරටත් සීමා සහිතව සිදුවන බව නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණා. ඒ, රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රමාණය අඩුවීම හේතුවෙන්. සමාන්‍යයෙන් දිනකට ඩීසල් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 5,000 ක් පමණ බෙදා හැරියද මේ වන දිනවල එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 2,000 ක් දක්වා සීමා කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
LITRO Gas Lanka Ltd has announced that there will be no domestic gas distribution today.
අද දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් ඊයේ මෙරටට පැමිණි බවයි. එහෙත් ඊට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල අද දිනයේ ගෙවීමට අපේක්ෂා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවා. මෙම නෞකාවේ ගෑස් දින 6ක කාලයක් සඳහා ප්‍රමාණවත් වනවා.
Page 263 of 768