අද දිනයේද පෞද්ගලික බස්රථ සේවා ධාවනය සියයට 80කින් අඩු වී තිබෙනවා. ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල බස්රථ ධාවනය වන්නේ ඉතා සීමා සහිතවයි. මේ හේතුවෙන් කාර්යාල සේවා වෙත පැමිණෙන ජනතාව සහ පාසල් සිසුන්ද දැඩි පීඩාවට පත් වුණා. අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවනයද සියයට 70කින් පමණ අඩු වී ඇති බවයි ජාතික ගමනා ගමන කොමිසම පැවසුවේ.
රට තුළ පවතින ඩීසල් අර්බුධය මෙම තත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ දහඅටදහසක් වන සමස්ථ පෞද්ගලික බස්රථ ප්‍රමාණය අද ධාවනය වන්නේ තුන්දහස් හයසීයක් පමණක් බවයි.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ලැබෙන ඩීසල් ප්‍රමාණය ප්‍රමාණවත් නොමැති බවයි ඔහු පැවසුවේ.
බස් ධාවනය අඩු වීමත් සමඟ බොහෝ පිරිස් සිය ප්‍රවාහන අවශ්‍යතා මේ වන විට සපුරා ගනිමින් සිටින්නේ දුම්රියෙන්. අද පෙරවරුවේද දුම්රියෙන් විශාල මගීන් පිරිසක් කොළඹ නගරයට පැමිණෙනු දැක ගත හැකි වුණා.
NEth