රඹුක්කන මහජන විරෝධයට පොලීසිය වෙඩි තබා ඇත්තේ පොලිස්පතිවරයා විසින් ලබා දී තිබූ උපදෙස් ද නොතකමින් බවට අද (22) මානව හිමිකම් කොමිසමේදී ආනාවරණය වී තිබේ.
එළඹෙන 25 වැනිදා දිවයින පුරා රජයේ පාසල් සියල්ල තුළම ගුරු විදුහල්පතිවරු සේවයෙන් ඉවත් වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටර්ලින් මහතා පැවසුවේය.
ඉදිරියේදී සිමෙන්ති මිල යළි ඉහළ යාමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා. ඔහු කියා සිටියේ සිමෙන්ති මිල යළි ඉහළ දැමුවහොත් ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටෙන බවයි.
මේ වනවිට කොළඹ වෛද්‍ය සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 525ක සහ ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි
ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් අදත් ජනතාවට පෝලිම්වල රැදී සිටීමට සිදුව තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ඊයේ රාත්‍රියේ සිටම බොහෝ පිරවුම්හල් අසල පෝළිම් දක්නට ලැබුණු බවයි.
අද සිට කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.2500 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටිනවා.
රඹුක්කන ප්‍රදේශයේ පෙරේදා (19) පැවති මහජන උද්ඝෝෂණයකට පොලිසිය වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව නඩු කටයුත්ත ඊයේ ආරම්භ කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් මුලින්ම අධිකරණයට ඉදිරිපත් කර තිබුණු AR වාර්තාව භාරගැනීම මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේදී කතෝලික පල්ලි, සංචාරක හෝටල් ඇතුළු ස්ථාන 8කදී එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර මාලාවට අදට වසර 3ක් සපිරේ.
රඹුක්කන විරෝධතාවයේ නිරත පිරිස පොලීසිය විසින් වෙඩි තැබීම හෙළා දකින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. තරාතිරම නොබලා සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවයි අගරදගුරුතුමන් 20 පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.
Page 262 of 744