Sunday, February 15, 2026
Follow Us
ඉන්ධන එනතෙක් ජනතාව පෝලිම්වල රැය පහන් කරයි - පොදු ප්‍රවාහනයටත් දැඩි බාධා

පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රට පුරා ඇති පිරවුම්හල්වලින් සියයට 65 කට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබෙන බව අනාවරණ වී තිබෙනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ පෙට්‍රල් , ඩීසල් හෝ භූමිතෙල් නොමැතිව ඇතැම් පිරවුම්හල් වසා දැමීමට පවා සිදුව ඇති බවයි. ඇතැම් පිරවුම්හල්වලට එක් ඉන්ධන වර්ගයක් පමණක් පැමිණෙන අතර එම තොග අවසන්වීමත් සමග ඉන්ධන ලැබෙන තෙක් එම පිරවුම්හල් ද වසා දමන බවටයි වාර්තා වන්නේ.

මේවනවිට රට තුළ පවතින සමස්ථ පෙට්‍රල් සංචිතය මෙට්ට්‍රික් ටොන් 4000 ක් දක්වා අඩුවී ඇති බවයි වාර්තා වන්නේ. පෙට්‍රල් රැගත් නෞකාවක් මෙරටට ලගාවීමට නියමිතව ඇත්තේ ලබන 22 වනදා බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඔහු පැවසුවේ මෙට්ට්‍රික් ටොන් 40,000 ක ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු ඩීසල් නෞකාව පැමිණිය ද, තවදුරටත් ඩීසල් බෙදාහැරීම සීමා කර ඇති බවයි. එම ඩීසල් නෞකාවේ තොග ගොඩබෑම තවදුරටත් සිදුවනවා. එම ඩීසල් තොග ගොඩබෑම සිදුවන්නේ කොලොන්නවා සහ මුතුරාජවෙල යන පර්යන්වලටයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා සමග ඊයේ පැවැති සාකච්ඡාවකදී තීරණය වී කර තිබුණේ මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එක්ව රාජ්‍ය හා පෞද්ගලික බැංකු දායක කර ගනිමින් ප්‍රමාණවත් ඉන්ධන තොග ඇනවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කිරීමටයි.
එමෙන්ම දීර්ඝ කාලීනව ඉන්ධන ලබාගැනීම සඳහා සැපයුම්කරුවන් සමග ගිවිසුම්ගතවීමට ඇති හැකියාව කෙරෙහි ද එහිදී විශේෂ අවදානයක් යොමු කර තිබුණා.

මේ අතර පෙට්‍රල් බැරල් ලක්ෂ 03 ක් මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 42 යි දශම 6 ක ණයවර ලිපි ඊයේ විවෘත කෙරුණා.

Neth