Sunday, February 15, 2026
Follow Us
රෝහලුත් වැසෙන ලකුණු

රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමක


රට පුරා රෝහල් රැසක කටයුතුද ඉන්ධන හිඟය නිසා අඩපණ වී ඇතැයි වාර්තා වේ.

අරුණ වෙබ්අඩවිය කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි.

මේ හේතුවෙන් රෝගීන්ගේ ජීවිතද දැඩි අවධානමකට ලක්ව තිබේ

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල රෝහල් වල සේවකයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ

බොහෝ රෝහල්වල ආපන ශාලාද වැසි යාමේ අවදානමක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Aruna