ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට හා අඩුබර දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහනට මේ වනවිට දැඩි බාධා එල්ල වී තිබෙනවා. බොහෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලවලට මෙතෙක් ත්‍රිපෝෂ ලැබී නැහැ. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ මේ වනවිට රට තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාල වී ඇති බවයි.
මෙම තත්ත්වය උද්ගතවී ඇත්තේ රට තුළ දරුවන් අතර මන්දපෝෂණය සැලකිය යුතු අගයකින් වැඩිවෙමින් ඇති බවට පෝෂණ විශේෂඥයින් අනතුරු අගවා ඇති පසුබිමකයි. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කුගෙන් විමසීමක් කළා.
මතුව ඇති ත්‍රිපෝෂ අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අමුද්‍රව්‍ය හිගයයි. ඒ අතරින් ප්‍රධාන වන්නේ බඩඉරිගු ප්‍රමාණවත් ලෙස නොලැබීමයි. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පැවසුවේ ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගැනීමට කටයුතු කරන බවයි. බඩඉරිගු මෙරට තුළ නොමැතිවීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිතීන්ට අනුකූලව ඒවා ආනයනය කර ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි ආරම්භ කරන බව එහි සභාපති දීප්ති කුලරත්න පැවසුවා.
සිය කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සදහා බඩඉරිගු මෙට්ට්‍රික් ටොන් 50ක් දෛනිකව අවශ්‍ය බවයි එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න වැඩිදුරටත් සදහන් කළේ.
පවතින තත්ත්වය හේතුවෙන් ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන් හා අඩුබර දරුවන් ගත යුතු පියවර මොනවාද? මේ, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු.
මේ අතර දරුවන්ගේ සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය පිළිබඳ සමීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කළේ.
Neth