Saturday, December 27, 2025
Follow Us
ඉන්ධනහල් වසා තැබීමට ඉඩ දෙන ලෙස ඉන්ධනහල් හිමියන්ගෙන් ඉල්ලීමක්

පවතින තත්වය හේතුවෙන් සිය ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව වසා තැබීමට අවසර ලබා දෙන ලෙස බොහෝ ඉන්ධන පිරවුම්හල් හිමියන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වනවා. ඉන්ධන හිඟයත් සමඟ පවතින දිගු පෝලිම් සහ ඉන්ධන නොමැති වීම හේතුවෙන් පාරිභෝගිකයන්ගෙන් එල්ල වන විිවිධ බලපෑම් ඊට හේතු වී තිබෙනවා.

පවතින අධික ඉල්ලුමට අනුව ඉන්ධන සැපයීමට නොහැකි වීම සහ පැන නැගී ඇති තත්වයන් කළමණාකරනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිය ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට ඉඩ දෙන ලෙයසි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

පවත්නා තත්වයන් හමුවේ බොහෝ ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසා ඇත්තේ සිය ආයතනවලට කළහකාරී පිරිස් පහරදේවිදැයි තමන් දැඩි බියකින් පසුවන බවයි.

Neth