වඳ සැත්කම් සිදුකළ බවට අසත්‍ය චෝදනා එල්ල කරමින් වැඩ තහනමට ලක් වූ තමාගේ, වැඩ තහනම් කළ කාලසීමාවට අදාල හිග වැටුප් ලබාදෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහමඩ් සාෆි මහතා ගොනුකර ඇති රීට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබිණි.
රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ආගමික සිද්ධස්ථාන සතු ධනය මහා භාණ්ඩාගරයට භාරදිය යුතු බවට රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියන් යෝජනා කරයි.
ඉදිරි යල කන්නය සඳහා චීන කාබනික පොහොර යළි මෙරටට ගෙන එන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ පවසනවා. මෙලෙස මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත්තේ ද ඉකුත් වර ලෝකයේම දැඩි ආන්දෝලනයට තුඩුදුන් කාබනික පොහොර තොගය ආනයනය කළ සමාගමෙන්මයි.
නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම්හලක් අසලදී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව පොලීසිය පවසන්නේ අද අළුයම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
The Education Ministry will conduct the 2021 (2022) GCE Ordinary Level (O/L) Examination from May 23 to June 1, 2022, Education Ministry Secretary Prof. Kapila Perera said.
සත්ත්ව නිෂ්පාදන අමුද්‍රව්‍යවල හිගය බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාමට බලපා ඇති බව සමස්ථ ලංකා කුකුල් ව්‍යාපාරිකයේනගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ එම කර්මාන්තය සඳහා අවශ්‍ය අමුදව්‍ය හිගය තවදුරටත් පැවතිය හොත් වෙලඳපල ඉල්ලුමට සරිලන පරිදි බිත්තර සහ කුකුළු මස් සැපයිමට ඉදිරියේදී නොහැකි වනු ඇති බවයි.
Page 261 of 732