ප්‍රචණ්ඩත්වය දිගටම පැවතුනහොත් රෝගීන් වැඩි සංඛ්‍යාවක් රෝහල්වලට ඇතුළත් කිරීමට හැකියාවක් ඇති බැවින් එම තත්ත්වය හරහා ඖෂධ සහ ශෛල්‍ය ද්‍රව්‍ය හිගය ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.
Archbishop of Colombo Cardinal Malcolm Ranjith yesterday hailed youth and their peaceful protests as an inspiration to the country and urged the Government and present rules to go home.
ජනතාව නීතිය අතට ගතහොත් රටට අනාගතයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. මහජන දේපළ කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තබන ලෙස ත්‍රිවිද හමුදාවට, ඊයේ රාත්‍රියේ සිට ලබාදී ඇති නියෝගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.
මේ තීරණාත්මක මොහොතේදී ප්‍රචණ්ඩත්වයට නැඹුරු නොවී සන්සුන්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඊයේ දින කොළඹ ඇතුළුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
රටේ ආර්ථිකය පවතින්නේ ඉතාම අයහපත් තත්වය බැවින් මේ දේශපාලන අස්ථාවරභාවය සති ගණන් ඇදගෙන යා නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා අවධාරණය කරයි.
ගාලු මුවදොර පරිශ්‍රයේ මේ වනවිට ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය හමුවේ තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 23 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.
Page 261 of 751