Saturday, December 27, 2025
Follow Us
පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන් 25කට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ සඳහා දින නියමවේ

පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහි නඩුවේ ”පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ” සදහා අගෝස්තු මස 04 වනදා කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

ඒ, ඊට අදාල නඩුව දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු මස 4 වනදා සිදු කිරීමටයි. විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් තිබේ නම් ඒවා මීළඟ නඩු දිනට සති දෙකකට පෙර ලේඛන සහිතව ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුෆර් මාමා, මොහොමඩ් සනස්දීන්, මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Neth