Sunday, February 15, 2026
Follow Us
ලබන වසරේදී දැඩි විදුලි අර්බුදයක්

ගල් අඟුරු සංචිත සැප්තැම්බර් අවසන්


මෙරට තුළ මේ වන විට පවතින ගල් අඟුරු සංචිතය එළැඹෙන සැප්තැම්බර් 15-20 අතර කාලයේදී අවසන් වන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ ඉදිරියට අවශ්‍ය ගල් අඟුරු මිලදි නොගතහොත් ලබන වසරේදී දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ සැප්තැම්බර් සිට ලබන වසරේ අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවට ගල් අඟුරු ගෙන්වා ගත යුතු බවයි.

ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක පමණ වැයක් දැරීමට සිදුවන බව ද ඔහු පැවැසීය.

එම කාලයේදී ගල් අඟුරු ගෙන්වා නොගත හොත් ලබන වසරේදි විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

මේ පිළිබඳව මැදිහත්වන ලෙස දේශපාලන අධිකාරියට හා අනෙකුත් ආයතනවලට පවසන බවත් ඔහු සඳහන් කළේය.

Aruna