පොලිසියෙන් පාපැදියත් පරීක්ෂා කරයි
මහජනතාව මේ දිනවල වැඩි වශයෙන් පාපැදි භාවිතයට යොමු වීමත් සමඟ මේ පිළිබඳ විශේෂ අවධානය යොමුකරමින් රථවාහන රාජකාරි සිදුකරන ලෙස රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
2022 වසරේ මේ දක්වා මාරක රිය අනතුරු 1,202ක් වාර්තා වී ඇති අතර ඉන් මියගිය අයගෙන් පුද්ගලයින් 96දෙනෙක් පාපැදිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දුව පවසයි.
ඒ නිසා මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස ද සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පාපැදිවල ප්‍රධාන පහන් සහ පසුපස ප්‍රතිපරාවර්ථක පහන් නොමැති වීම, රාත්‍රී කාලයේ තද වර්ණ සහිත ඇඳුම් ඇඳීම, මාර්ග සංඥාවලට අනුගත නොවීම, මාර්ගය හරහා ගමන් කිරීමේදී දෙපසින් පැමිණෙන වාහන ගැන අවධානය යොමු නොකිරීම යන ආදි කරුණු අනතුරු වැඩිවීමට හේතු වී ඇති බවද කියා සිටියේය.
ඉදිරි සති දෙකක කාලය තුළ පාපැදි පරීක්ෂා කිරීමට රථවාහන පොලීසිය මගින් කටයුතු යොදා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.
Aruna