Sunday, February 15, 2026
Follow Us
වනිදුට ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරඟාවලියේ ඉඳිරි තරඟ අහිමි වන ලකුණු

පාදයේ ආබාධයකට ලක්ව සිටින වනිදු හසරංගට සති දෙකක කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරඟ තුන ඔහුට අහිමිවනු ඇති.

වනිදු හසරංග පාදයේ ආබාධයකට ලක් වුණේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරඟයේදීයි. ඒ අනුව දෙරට අතර පැවති දෙවන එක්දින තරඟයට ඔහු ක්‍රීඩා කළේ නැහැ. දෙරට අතර තුන්වන එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වීමට නියමිතයි.

Neth