Sunday, February 15, 2026
Follow Us
අරගලකරුවන් ජනාධිපති කාර්යාලයේ සෙසු පිවිසුම් දෙකත් අවහිර කරයි

ගෝල්ෆේස් පිටිය අසල විරෝධතාවයෙහි නිරත වී සිටින අරගලකරුවන් මේ වනවිට ජනාධිපති කාර්යාලයෙහි සෙසු පිවිසුම් ගේට්ටු දෙකත් අවහිර කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලෝටස් පාර දෙසට පිහිටා ඇති එම ගේට්ටු දෙකත් අවහිර කරමින් අරගලකරුවන් විසින් මේ වනවිට කූඩාරම් දෙකක් ද ඉදිකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (19) රාත්‍රියේත් දහසක පමණ පිරිසක් ජනාධිපති කාර්යාලය අසල උණුසුම් ලෙස විරෝධතාවේ නිරත වී ඇති බවත් සඳහන්.

LNW