තොග වෙළෙන්දන්ගෙන් අනතුරු ඇඟවීමක්
ඉදිරි මාස තුන ඇතුළත වෙළෙඳපළට එළවළු සැපයුම සම්පූර්ණයෙන්ම නවතිනු ඇති බව ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ තොග වෙළෙන්දෝ අනතුරු හඟවති. යටිතල පහසුකම් හිඟයෙන් මේ වනවිට සුළු පරිමාණ එළවළු ගොවීන්ගෙන් සියයට 50ක් වගාවෙන් ඉවත්වී සිටින බව ඔවුහු පැවසූහ.
සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවැසුවේ වර්තමානයේ පවතින එළවළු හිඟය පිළිබඳව පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී අරුණ පුවත්පත මගින් තමන් රටට හෙළි කළ බවය.
මෙරට සමස්ත එළවළු ගොවීන්ගෙන් 60%ක් සුළු පරිමාණ ගොවීන් බවත් 20%ක් මධ්‍යම පරිමාණයෙන් සහ වාණිජ එළවළු ගොවීන් බව පෙන්වා දුන් හෙතෙම සුළු පරිමාණ එළවළු ගොවීන්ගෙන් 50% ක් වගාවෙන් ඉවත්ව යාම එළවළු වෙළෙඳපොළ කඩා වැටීමට බලපෑ බවද පැවැසීය.
මධ්‍යම සහ වාණිජ එළවළු ගොවීන්ට ඉදිරි කෙටි කාලයක් තුළ වගාව පවත්වාගෙන යාමේ අවස්ථාව තිබෙන බව කී හෙතෙම සුළු ගොවීන්ට බැංකු හෝ වෙනත් කිසිඳු ආයතනයක් ණය ලබාදීමට ද මැළිකමක් දැක්වීම එළවළු වගාව වළපල්ලට ඇද දැමීමට බලපා තිබෙන බවද පැවැසීය.
ඉදිරි මාස 03 හෝ ඊට පසුව රටපුරා උග්‍ර එළවළු හිඟයක් ඇතිවන බවත් එළවළු ලබා ගැනීමට ද දිගු පෝලිම් රටපුරා දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව කී සභාපතිවරයා වගාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ( බීජ පොහොර කෘෂි රසායන ඉන්ධන) දරාගත හැකි මිලකට ලබාදීම නිෂ්පාදන ප්‍රවාහනය සහ බෙදාහැරීම සඳහා අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව ලබාදීමට බළධාරීන් වහාම පියවර ගතයුතු බව අවධාරණය කළහ.
විෂයභාර ඇමැතිවරුන් කෘෂි බළධාරීන් කොළඹ සිට සීතල කාමර තුළ සිට ගන්නා තීරණ ගොවිබිමේදී ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පැවැසූ අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ගොවිබිමට පැමිණ තීරණ ගතයුතු බවද පැවැසීය.
Aruna