Sunday, February 15, 2026
Follow Us
එළවළු අලෙවිය අඩුවෙයි

ඇතැම් එළවළු විනාශ වෙයි


ඉන්ධන හිඟය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල එළවළු අලෙවිය විශාල වශයෙන් පහත වැටී ඇති බව ගොවීන් පවසනවා.

මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානය වෙත වෙළඳුන්ගේ පැමිණීම ද විශාල වශයෙන් පහත වැටී ඇති අතර, වගා බිම්වල තිබෙන එළවළු අස්වනු වෙළඳපොලට රැගෙන ඒමට නොහැකිව ඒවා විනාශවීමේ අවදානමක් ද මතුව ඇති බවයි ගොවීන් සහ ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ.

ඇතැම් එළවළු අලෙවි කර ගැනීමට නොහැකි ව විනාශ වී යන බව ද ගොවීන් පෙන්වා දෙනවා.

නුවරඑළිය ප්‍රදේශයෙන් ලැබෙන කැරට් ,බෝංචි ,ලීක්ස් ,ආදී එළවළු වර්ග අලෙවි නොවීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් ගොඩගසා තිබේ.

Aruna