ඇතැම් එළවළු විනාශ වෙයි
ඉන්ධන හිඟය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල එළවළු අලෙවිය විශාල වශයෙන් පහත වැටී ඇති බව ගොවීන් පවසනවා.
මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානය වෙත වෙළඳුන්ගේ පැමිණීම ද විශාල වශයෙන් පහත වැටී ඇති අතර, වගා බිම්වල තිබෙන එළවළු අස්වනු වෙළඳපොලට රැගෙන ඒමට නොහැකිව ඒවා විනාශවීමේ අවදානමක් ද මතුව ඇති බවයි ගොවීන් සහ ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ.
ඇතැම් එළවළු අලෙවි කර ගැනීමට නොහැකි ව විනාශ වී යන බව ද ගොවීන් පෙන්වා දෙනවා.
නුවරඑළිය ප්‍රදේශයෙන් ලැබෙන කැරට් ,බෝංචි ,ලීක්ස් ,ආදී එළවළු වර්ග අලෙවි නොවීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් ගොඩගසා තිබේ.
Aruna