Saturday, December 27, 2025
Follow Us
පසුගිය වසරේ මෙරට දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීමේ ප්‍රතිශතය සියයට 88ක් බවට අනාවරණයක්

2020 වසරේදී සිසු දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීම සියයට 54ක් බවත් 2021 වසරේ අගෝස්තු වන විට එය සියයට 88ක් ලෙස ගණන් බලා ඇති බවත් අනාවරණ වී තිබෙනවා. අධ්‍යාපන බලධාරීන් මෙම අනාවරණය සිදු කර ඇත්තේ පසුගියදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි.

මෙවැනි තත්වයක් යටතේ විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග පැවැත්වීමේදී අදාල ඉගෙනුම් අහිමිවීම පිළිබඳ සලකා බලා දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්න පත්‍ර සැකසීමේ අවශ්‍යතාව කෝපා කමිටුව එහිදී අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යංශය හා විභාග දෙපාර්තමේන්තුව මනා සම්බන්ධීකරණයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ක්‍රියාත්මක කරන ලෙයසි කෝපා කමිටුව එහිදී නිර්දේශ කර ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරනගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා රැස්වූ කෝප් කමිටුව හමුවට අධ්‍යාපන බලධාරීන් කැඳවා තිබුණේ පැවති කොවිඩ් තත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉඳිරි සැලසුම් පිළිබඳ විමසා බැලීම සඳහායි.

මේ අතර පවතින ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන ලබන 20 වනදා සිට 24 වන දක්වා වූ සතිය තුළ කොළඹ කලාපයේ හා ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල්වල කටයුතු නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

Neth