රට තුළ පවතින ගෑස් අර්බුදයට තාවකාලිකව හෝ විසඳුමක් ලබාදීමට තවත් මාස එකහමාරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් පවසනවා.
කෙසේ හෝ ගෑස් මෙරටට ගෙන්වා ගැනීමට නම් ඊට අදාළ ක්‍රමවේදයට අනුව නියමිත පරිදි ඩොලර් නිදහස් කිරීම අනිවාර්යය බවයි ඔහු අවධාරණය කළේ. ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින්.
වත්මන ගෑස් අර්බුදයට සැබෑ හේතුව කුමක්ද? රට තුළ අර්බුදයක් පවතින වටපිටාවකත් වැඩිමිලට ඕමාන සමාගමෙන් ගෑස් මිලදී ගන්නේ ඇයි? රතුකට්ට විශේෂාංගයෙන් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයාගෙන් ඒ පිළිබඳ ඍජුව ප්‍රශ්න කෙරුණා.
Neth