Sunday, February 15, 2026
Follow Us
අතුරුගිරියේ පිරවුම් හලක් අසල කලහකාරී ලෙස හැසිරුණු 09 දෙනෙකු අත්අඩංගුවට

අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 06 දෙනා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ කාන්තාවක් ඇතුලු සැකකරුවන් 09 දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

ඊයේ පස්වරු 04රේ සිට රාත්‍රී 09 පමණ දක්වා එම පිරවුම් හලෙන් ඉන්ධන නිකුත් කර තිබෙනවා. ඉන්ධන තොග අවසන් වූ පසු පිරවුම් හල වසා දමා ඇති අතර පෝලිමේ රැදී සිටි ඉන්ධන නොලැබුණු පිරිසක් අදාල ස්ථානයේ කලහකාරී ලෙස හැසිරෙමින් එම පිරවුම්හලට හානි කිරීමට උත්සහ දරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.

Neth