Sunday, February 15, 2026
Follow Us
ගිනි අවි 05 ක් සමග පුද්ගලයෙකු වත්තලදී අත්අඩංගුවට

ගිනි අවි 05 ක් සමග සැකකරුවෙකු වත්තල, මාබෝල, වදුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවසක් තුළ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සගවා ඇති බවට වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී එම ගිනිඅවි සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවි සොයා ගැනුණු බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Neth