පියාගේ මරණය ගැන පුතා අම්මාට යැවූ සංවේදී සටහන
පානදුර, වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලීමේ සිටි පුද්ගලයෙකු හදිසි රෝගාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ.
අදාළ පුද්ගලයා සිය පුත්‍රයා සමග ත්‍රිරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලීමේ රැඳී සිටියදී අද (16) අලුයම ඇති වු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහල් ගත කර ඇති අතර එහිදි ඔහු මියගොස් ඇත.
මියගිය පුද්ගලයාගේ පුත්‍රයා යතුරුපැදියට ඉන්ධන ලබාගැනීමට එම ස්ථානයේ ම රැඳී සිට ඇති අතර, පසුව ඔහු පියා සිටි ස්ථානයට පැමිණ ඉතා සංවේදී ලෙස හැසිරුණේය.
එම අවස්ථාව ජංගම දුරකථනයක ද සටහන්ව තිබුණි.
“තාත්තා කතා කරන්නේ නෑ අම්මේ. දැන් ඇම්බියුලන්ස් එක එනවා. තාත්තාගෙන් සද්ධයක්වත් නෑ අම්මේ. එයා තෙල් පෝලිමේ අම්මේ. මම බයික් පෝලිමේ හිටියේ. අතුල මාමාත් එක්ක මෙතැන ඉඳලා තියෙන්නේ. අතුල මාමාට ඇහිලා මෙයා හුස්ම අදිනවා. පපුවේ අමාරුව හැදිලා ඇති අම්මේ.”
එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි හිරණ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
Aruna