Saturday, December 27, 2025
Follow Us
සති අන්තයේ කොළඹට වතුර නෑ

සති අන්තයේ වතුර කපන ප්‍රදේශ මෙන්න


කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) රාත්‍රී 11 සිට ඉරිදා (19) සවස 03 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව කොළඹ 05 සහ කොළඹ 06 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනය යටතේ ජලය සපයන බවයි.

මෙලෙස ජල කප්පාදුවක් සිදුකරනු ලබන්නේ මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙනි.

Aruna