ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ජනතාවට පණිවිඩයක්
ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර අද (16) දිනයේ ද බෙදානොහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් (15) පස්වරුවේ මේ බව සදහන් කරමින් පැවසුවේ ඩොලර් ගෙවා නිදහස්කරගත් නෞකාවේ ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් ගොඩබා අවසන් බවයි.
එම ගෑස් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පැවසීය.
ලිට්‍රෝ සමාගම පසුගිය 4 වැනිදා සිට අඛණ්ඩව දින 13 ක් ගෘහස්ථ ගෑස් සපයා නොමැති අතර සැපයුම නොමැති වුවද ජනතාව අඛණ්ඩව ගෑස් අළෙවිසල් අසළ දිගු පෝලිම්වල රැදී සිටිති.
Aruna