Sunday, February 15, 2026
Follow Us
බෝට්ටුවෙන් රට පනින්න හැදූ 64ක් අත්අඩංගුවට

නාවික හමුදාව ත්‍රිකුණාමලය මුහුදේ කළ මෙහෙයුම


බහුදින යාත්‍රාවකින් විදෙස් රටකට පලා යාමට උත්සහ කළ නීති විරෝධී සංක්‍රමනිකයන් 64 දෙනකු ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව සදහන් කළේ මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 50 දෙනකු,කාන්තාවන් 11 දෙනකු හා කුඩා දරුවන් තිදෙනකු සිටින බවයි.

නාවික හමුදාව ත්‍රිකුණාමලට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසියක දී මෙම සැකකටයුතු බහුදින යාත්‍රාව නිරීක්ෂණ වී ඇති අතර, එය පරීක්ෂාවට ලක් කිරීමේ එහි සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සියලු දෙනා ත්‍රිකුණාමලය, යාපනය හා මුලතිව් යන ප්‍රදේශයවල පදිංචිකරුවන් බවද නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කරයි.

Aruna