Saturday, December 27, 2025
Follow Us
ඉන්ධන මිල එකසිය ගාණකින් ඉහළ යන ලකුණු – වෘත්තීය සමිති අනතුරු අඟවයි

යළිත් ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ඛනිජ තෙල් වෘත්තීය සමිති අනතුරු අඟවනවා.

ජුනි 24 වැනිදා සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති බවත්, එම මිල සංශෝධනයට අනුව පෙට්‍රල් මෙන්ම ඩීසල්ද ලීටරයක මිල රුපියල් 500 ඉක්මවා යනු ඇති බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.

වර්තමානයේදී දැඩි ඉන්ධන හිගයක් රටතුළ මතුව තිබෙන්නේ මිල ඉහළ දැමීමේ පෙර සූදානමක් ලෙස බවද ආනන්ද පාලිත මහතා සඳහන් කරනවා. මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වනතෙක් ඉන්ධන බෙදාහැරීම විධිමත් නොවනු ඇති බවද ඔහු පවසයි.

LNW