අලුත් අවුරුද්දේ නෑගම් යන්නට, තේ සංග්‍රහයට රෙඩ් වෙල්වට් කේක් එකක් ගෙදරදීම හදමු. රස ඉතිරෙන සතුට විඳි ගනිමු.
ඕනෑම රසවත් ආහාර වේලක් සම්පූර්ණ වෙන්න නම් එයට අතුරුපසක් එකතු විය යුතුමයි. එවිටයි එය අංග සම්පූර්ණ ආහාර වේලක් බවට පත්වන්නේ.
අවුරුද්දට පිසින ආහාර අතර අනිවාර්යයෙන්ම තියෙන ව්‍යංජනයක් තමයි හත්මාළුව. ඇතැම් ප්‍රදේශවල නැකතට පිසින අවුරුදු කිරිබත රසවිඳින්නේද මේ හත්මාළුව සමඟයි.
සුදු ලූනු ඖෂධීය වටිනාකමින් ඉහළ ආහාරයක්. මෙතෙකැයි කිව නොහැකි බොහෝ වාසි අපේ සිරුරට ගෙන දීමට සුදුවලට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.
වසර පුරාවට වියළි කජු ආහාරයට ගන්නා අපට කිරි රසයෙන් අනූන නාඹර කජු ටිකක් කන්නට ලැබෙන කාලයයි මේ. රතට රතේ දිලෙන කජු පුහුලන්වලින් ගස් බරවන නිසාම අවුරුදු කෑම මේසයට කජු ව්‍යංජනයක් නම් තියෙන්නටම ඕනේ.
දූ දරුවන් හැමෝම එකට එකතුවෙලා භුක්තිබිඳින අවුරුදු කෑම මේසයේ ප්‍රධානියා තමයි බත. ඉතිං හැමදාමත් ආහාරයට ගන්නා සාමාන්‍ය බත වෙනුවට අද අපි තරමක් වෙනස් බතක් සකසා ගනිමු. බලන්න මේ විදිහට හදාගන්න දුන්තෙල් බතට අනෙක් අය දක්වන ප්‍රතිචාර කොහොමද කියලා.
රාබු කියන්නේ රසවත් ගුණයෙන් ඉහළ එළවළුවක් වුණත් එහි ඇති වෙනස් වූ ගන්ධයට බොහෝ දෙනෙක් දක්වන්නේ අකැමැත්තක්.
අච්චාරු වාගේම මෝජු කියන්නෙත් දානයකට, මඟුල් ගෙදරකට නැතිවම බැරි ව්‍යංජනයකි. විශේෂ කෑම වේලක් නම් රසවත් බටු මෝජුවක් වරදින්නෙම නෑ.
ගමේ ගෙවල්වල හරිම රසට හැදෙන කෑමක්නේ වැලිතලප. වැලිතලප, ගොඩපොර එකිනෙකට සමගාමීව එකම ක්‍රමයට හදන නිසා එකටම පුරුදු වෙමු.
විවිධාකාර වූ බත් වර්ග ඇතත් රසය වගේම ගුණයෙන් ද සපිරි බත් වර්ගයක් අද අපි ඔබට ගෙන එන්නෙමු.
අලුත් අවුරුද්දෙ සමීපතම නෑ හිතමිතුරන් වෙත තිළිණ කරන්න.... ගෙදරට එන නෑදෑයන්ට සංග්‍රහ කරන්න... රස තුනක කේක් එකක් මෙන්න.... මෙය කිලෝ තුනේ කේක් නිර්මාණයකි. අපි මුලින්ම රස තුනෙන් කේක් තුන සාදාගනිමු.
ආහාරය රසවත් වීමට නම් එයට තවත් දේ එකතු විය යුතුය. එලෙසින් ආහාර රසවත් කිරීමට යොදන ද්‍රව්‍ය රසකාරක ලෙස හැඳින් වේ. රසකාරක ස්වාභාවික ද්‍රව්‍යවලින් සකසා ගෙන ඇති අතර මේ වන විට කෘත්‍රිම රසකාරක ද වෙළෙඳ පොළේ පවතී.
අවුරුදු කෑම මේසය කියන්නේ උත්සව ශ්‍රීයෙන් අනූන විශේෂ ආහාර වේලක්. ඉතිං ඒවාගේ අවස්ථාවකට නම් මස්, මාළු තරමක් වෙනස් ආකාරයට පිසින්නයි අපේ ගෘහණිය කැමැති.
ඉක්මණින් ම හදාගන්න පුළුවන් කැවිලි වර්ගයක් මේ. මෙවර නැකැත් සීට්ටුවට මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙල කළ යුතු නිසා ඒ අතරට මුං ගුලි එකතු කරගන්නත් පුළුවන්.
ආහාර අරුචිය, හිසරදය, වාත රෝග, සෙම් රෝග නසයි. වමනය සඳහා මෙන්ම බඩේ අජීර්ණය සඳහා ද ගුණදායක ය. මේ නිසා අත්බෙහෙතක් ලෙසින් ද ඉඟුරු අතීතයේ සිට ම භාවිතයට ගනී.
අපේ කමට කෑම වේලක් පිළියෙල කරන විට නැතිවම බැරි ආහාරයක් තමයි අච්චාරු. ගස්ලබු, ලූනු, අමු මිරිස් එක්ක අබ සහ විනාකිරි තැවරිලා නැඟෙන සුවඳ කෑමට පුදුමාකාර රුචියක් ඇතිකරවනවා.
Page 41 of 44