Friday, October 18, 2024
Follow Us
මල් ගෝවා තෙම්පරාදුව

අවශ්‍ය දේවල්

මල්ගෝවා ග්‍රෑම් 500 ක්

ලූනු ග්‍රෑම් 300 ක්

වියළි මිරිස් කරල් 3 ක්

සුදුලූනු බික් 2 ක්

කෑලි මිරිස් තේ හැඳි 1 ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

කහ කුඩු තේ හැඳි 1/4 ක්

තෙල් මේස හැඳි 3 ක්

කරපිංචා ටිකක්

කුරුඳු කැබැල්ලක්

රස අනුව ලුණු

 

සාදන ආකාරය

මල් ගෝවා කොටස් කපා ලුණු වතුරේ බහා තබන්න. දැන් වතුරෙන් කොටස් එළියට ගෙන එම කොටස් හීනියටම කපාගන්න. ලූනුත් සිහින්ව කපාගන්න. තෙල් පොඩ්ඩක් වෙන්න එකතුකර මල් ගෝවා ටික බැදගන්න. බැදගත් මල් ගෝවා පේපර් සර්වියට් මත තබා පැත්තකින් තියන්න. දැන් කපාගත් ලූනු, සුදුලූනු සහ මිරිස් කරල් එක්කර බැදගන්න. එයට මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ, ලුණු , කරපිංචා එකතු කරන්න. ලූනු තෙම්පරාදුව සකස් කරගත් පසු බැදගත් මල් ගෝවා ටික එකතුකර කලවම් කරන්න.

(Tharunie)