Friday, October 18, 2024
Follow Us
විශේෂ අතුරුපසට කැරට් පුඩිම

ඕනෑම රසවත් ආහාර වේලක් සම්පූර්ණ වෙන්න නම් එයට අතුරුපසක් එකතු විය යුතුමයි. එවිටයි එය අංග සම්පූර්ණ ආහාර වේලක් බවට පත්වන්නේ.

ඉතින් ඔබේ අවුරුදු මේසය රසවත් කරනා විශේෂ අතුරුපසක් විදිහට මේ කැරට් පුඩිමත් හදලාම බලන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* තරමක ප්‍රමාණයේ කැරට්

අල තුනක්

* බටර් මේස හැඳි 02 ක්

* සීනි ග්‍රෑම් 150 ක්

* කජු මද ග්‍රෑම් 50 ක්

* වියළි මිදි ග්‍රෑම් 50 ක්

* දොඩම් යුෂ මේස හැන්දක්

* බිත්තරයක්

* බිස්කට් කුඩු කෝප්ප දෙකක්

* බේකිං පවුඩර් ස්වල්පයක්

* කරදමුංගු කුඩු ස්වල්පයක්

* දෙහි ලෙලි ස්වල්පයක්

 

සාදන්නේ මෙහෙමයි

කැරට් පොතු හැර කැබලිවලට කපාගන්න.

බිත්තරය හොඳින් ගසාගන්න.

එයට කරදමුංගු සහ දෙහි ලෙලි මිශ්‍රකර නැවතත් ගසාගන්න.

දැන් බඳුනක් ගෙන එයට කැරට්, බටර්, සීනි, වියළි මිදි, දොඩම් යුෂ, කජු, බිස්කට් කුඩු, බේකිං පවුඩර් ආදී සියල්ලම දමා හොඳින් කලවම් කරන්න.

බටර් ගාගත් තැටියකට දමා හුමාලයෙන් තම්බාගන්න.

වියළි මිදි, කජු මදවලින් සරසා මේසයට යවන්න.

(Tharnie)