Friday, October 18, 2024
Follow Us
කොහිල හාල් පොල් බැදලා උයමු

අවශ්‍ය දේවල්

කොහිල අල 3 ක්

(බර ග්‍රෑම් 300 ක් පමණ)

ලොකු ලූනු ගෙඩි 1/2 ක්

සුදුලූනු බික් 2 ක්

ඉඟුරු පොඩි කොටසක්

අමු මිරිස් කරල් 2 ක්

පොල් කිරි කෝප්ප 2 ක්

කහ කුඩු තේ හැඳි 1/4 ක්

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

තුනපහ තේ හැඳි 1 ක්

මස් උයන්න පාවිච්චි කරන

තුනපහ තේ හැඳි 1 ක්

කුරුඳු පොත්තක්

එනසාල් 2 ක්, කරාබු නැටි 2 ක්

තෙල් මේස හැඳි 2 ක්

හාල් මේස හැඳි 2 ක්

පොල් මේස හැඳි 2 ක්

කරපිංචා කොළ කිහිපයක්

රම්පෙ

රස අනුව ලුණු

 

සාදන ආකාරය

 

කොහිල වටේ ශුද්ධකර සෝදා කුට්ටි වෙන්න කපාගන්න. මිරිස් තුනපහ කබලේ බැද ගන්න. හාල් සහ පොල් කබලේ බැද කොටාගන්න. මැටි ඇතිළියක් ළිප තබා තෙල් එක්කර එයට කරපිංචා, ලොකු ලූනු, තළාගත් සුදුලූනු, අමු ඉඟුරු, කුරුඳු, එනසාල්, කරාබු නැටි එක් කරන්න. තෙලෙන් බැදීගෙන එනවිට අමු මිරිස් එක් කරන්න. එයට බැදගත් මිරිස්, තුනපහ, මස් උයන්න ගන්න තුනපහ, කහ, රස අනුව ලුණු, බැද කුඩු කරගත් හාල් පොල් එකතු කරන්න.

කොහිල අල ද එකතුකර හොඳින් කලවම්කර මඳ ගින්දරේ පොඩි වෙලාවක් තෙලෙන් තැම්බෙන්න දෙන්න. තෙලෙන් තැම්බුණු කොහිල, පොල් කිරි එකතුකර මඳ ගින්දරේම කිරි හිඳෙනකම් හිමින් තැම්බෙන්න දෙන්න. ලස්සන පාටක් එන්න මිරිස්, තුනපහ බැදලම එක් කරන්න. ඔබට රස අනුව මිරිස් තව එක් කළ හැකියි.

(Tharunie)