මේ බක් මාසයේ අවසන් සතියයි. අනතුරුව උදා වන්නේ මැයි මාසය එහෙමත් නැත්නම් මල් මංගල මාසයයි. ආදරණීය හදවත් එකට බැඳෙන ප්‍රේමණීය මාසයයි.
මල බද්ධය වාගේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බොහෝ දෙනකුට ඉතාමත් ගුණදායක ව්‍යංජනයකි මේ තෙල් අල කොළ ඇඹුල. ඇතැම් ප්‍රදේශවල මේ තෙල් අල කොළ වෙනත් නම්වලින් හඳුන්වන නමුදු මෙය ඇඹුලක් ලෙසින් පිළියෙල කරගන්නා ඉතාමත් රසවත් ව්‍යංජනයකි.
අච්චාරු කා අතරත් ජනප්‍රිය වන අතර මැලේ අච්චාරු ඇතුළු අච්චාරු වර්ග රැසක් තිබේ.කෑම පිසීම කලාවක් කරගත්තු කෙනකුගේ අතින් පිළියෙලවන අච්චාරුවෙන් වෑහෙන රසය මතක් වේ.
මව මරා උපන් කුමරු ලෙසින් හැඳින්වෙන කෙසෙල්මුහය විවිධ රසයට සකසා ගැනීමට ඔබ දන්නවා. නමුත් කෙසෙල් ගසේ අලය ආහාරයට ගන්නා බවක් ඇතැම්විට ඔබ නොදන්නවා ඇති. මේ කෙසෙල් අල පිටි ලෙසින් සකසා එයින් හරි අපූරුවට පිට්ටු සකසා ගත හැකියි.
අලුත් අවුරුද්ද කියන්නේ අලුත් අලුත් බලාපොරොත්තු ඇති කරන නැවුම් බලාපොරොත්තු සමඟ ජීවිතය පටන් ගන්න හොඳම කාලය.
අවශ්‍ය ද්‍රව්‍ය
පොල්කිරි මිලිලීටර් 500
සීනී මේස හැඳි 4
කෝන්ෆ්ලා මේස හැඳි 4
කැමති වර්ණයකින් කලරින්
සාදාගන්නා ආකාරය
අමුද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර භාජනයකට දමා ළිප තබා මදගින්නෙ මිනිත්තු 7-8 ක් උකු වනතුරු මිශ්‍රකර ළිපෙන් බාගන්න. එම මිශ්‍රණය කොටස් දෙකකට බෙදා එක් කොටසකට කැමති වර්ණයක් යොදා වර්ණ දෙකෙන් තට්ටු දෙකක් හිටින සේ අතුරාගන්න. මද වේලාවක් නිවෙන්නට හැර පැයක් පමණ ශීතකරණයේ තබන්න.
Navaliya
ගසෙහි කොළ තරමට හටගන්නා සියඹලා මල්වලින් වැඩි ප්‍රමාණයක් නටුවෙන් ගිලිහෙනවා. ගස යට මල් පාවඩයක් දැම්මා හා සමාන මේ සියඹලා මල් රසවත් ව්‍යංජනයක් ලෙස පිළියෙල කළ හැකි යැයි ඔබ සිතුවාද? කල් තබාගෙන ප්‍රයෝජනයට ගත හැකි මේ සියඹලා මල් ඇඹුල අතීතයේදී වන්දනා ගමනට නැතිවම බැරි ව්‍යංජනයකි.
ශ්‍රී ලාංකිකයන් වස විසෙන් තොර දේශීය ආහාරවලට හුරු කරවීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ස්ථානයක් ලෙස උමංදාව හඳුන්වාදිය හැකියි.
බත්පතට රසය වාගේම පෝෂණ ගුණයත් එකතු වෙන්න නම් කොළ මැල්ලුමක් ඕනෙමයි. ගුණාත්මක බව රැකෙන පරිදි විවිධ රසයට කොළ මැල්ලුම් සකස් කෙරේ. ඒ අතරින් කලවම් පලා මැල්ලුමට වැඩිදෙනෙකු බොහෝ රුචිකත්වයක් දක්වන අතර කලවම් පලා මැල්ලුම වගේම රසවත් මේ මඤ්ඤොක්කා කොළ මැල්ලුම කෙතරම් අපූරුදැයි බලන්න.
අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අහවර වුණත් අවුරුදු අසිරිය තාමත් හිත් පුරා පැතිරිලා. තෑගි බෝග පොදි බැඳගෙන යන නෑදෑ ගමන් වාගේම යාළු හිත මිතුරන් එකතුවන ප්‍රියසාද තාම අහවර නෑ.
කොල්ලු යනු ඉතාමත් ගුණදායක ධාන්‍යයකි. ඒ නිසාම දේශීය වෙදකමට ද මේ කොල්ලු භාවිත කෙරේ. ඇතැම් ප්‍රදේශවල මෙය තම්බා ආහාරයට ගන්නා මුත් ඌව පළාතේ කොල්ලු සකසා ගන්නේ ව්‍යංජනයක් ලෙසිනි.
හැමදාමත් සුවිශේෂී දේ පළමුවෙන්ම ඔබට රැගෙන එන තරුණී පුවත්පත හරහා උමංදාවේ සුවිශේෂ ආහාර සකසා ගන්නා ආකාරය ඔබට කියා දීමට අප සූදානම්
අලුත් අවුරුදු කැවිලි මේසය තවත් කලඑළි කරන්න නම් අපූරු කේක් නිර්මාණයකුත් තියෙන්නම ඕනෙ. ඉතින් මෙදා සැරේ අවුරුදු සමරන්න රසය වාගේම හරිම ලස්සන කේක් එකක් පිරිනමන්න අපි හිතුවා.
හුරුබුහුටි පුංචි පැටවු සත්තුන්ට පුදුමාකාර තරම් ආදරෙයි. දඟලන දුව පනින මේ සතුන් දෑතින් අල්ලන්නට, ආදරෙන් බදාගෙන සිප වැලඳගන්නට විතරක් නෙමේ ළඟ තියාගෙන හුරතල් කරන්නටත් ඔවුන් හරිම කැමැත්තක් දක්වනවා.
Page 19 of 44