Wednesday, May 01, 2024
Follow Us
මාබල් කෙක්

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 250

සීනි ග්‍රෑම් 250

බිත්තර 5

බේකින් පවුඩර් තේ හැඳි 2 1/2

වැනිලා තේ හැඳි 2 1/2

කලරින් පාට 2, 3

බටර් ග්‍රෑම් 250

නැවුම් කිරි හෝ ටින් කිරි තේ හැඳි 3

සාදාගන්නා අකාරය

පිටි සහ බේකින් පවුඩර් කලවම් කර තුන්වරක් හලා ගෙන එයට සිනී, බටර් දමා බීට් කරගන්න. විනාඩි පහක් පමණ බීට් කර බිත්තර එකතු කරගන්න. පසුව එයට හාලාගත් පිටි ටිකින් ටික එකතුකර වැනිලා හා කිරි පිළිවලින් එකතු කරගන්න. සාදාගත් බැටර් එක කොටස් තුනකට හෝ දෙකකට වෙන් කර ඒවාට කලරින් ස්වල්පයක් එකතු කර කලවම් කරගන්න. අවන් එක සෙල්සියස් අංශක 175 ප්‍රී හීට් කර බැටර් තුන තැටියේ තැනින් දමා මිනිත්තු 45 ක් පමණ බේක් කරන්න.