Tuesday, April 30, 2024
Follow Us
මලබද්ධය දුරු කරන තෙල් අල කොළ ඇඹුල

මල බද්ධය වාගේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බොහෝ දෙනකුට ඉතාමත් ගුණදායක ව්‍යංජනයකි මේ තෙල් අල කොළ ඇඹුල. ඇතැම් ප්‍රදේශවල මේ තෙල් අල කොළ වෙනත් නම්වලින් හඳුන්වන නමුදු මෙය ඇඹුලක් ලෙසින් පිළියෙල කරගන්නා ඉතාමත් රසවත් ව්‍යංජනයකි.

ළපටි තෙල් අල කොළ අවශ්‍ය ප්‍රමාණයට

ගොරකා බික් කිහිපයක්

බී ලූනු ගෙඩියක්

සුදු ලූනු බික් කිහිපයක්

බැදපු තුනපහ ස්වල්පයක්

රම්පේ සහ කරපිංචා

පොල් තෙල් ස්වල්පයක්

හාල් ස්වල්පයක් සමඟ ගා ගත් පොල් ස්වල්පයක් කබලේ බැදගෙන අඹරා ගන්න. තෙල් අල කොළ දළු හොඳින් සෝදාගෙන සිහින්ව කපා ගන්න. අල කොළ ටික සහ අඹරාගත් හාල්, පොල් හැර අනෙක් අමුද්‍රව්‍ය මැටි බඳුනකට දමන්න. ජලය ස්වල්පයක් එයට දමා හොඳින් උතුරවා ගන්න. අනතුරුව සෝදා කපාගත් තෙල් අල කොළ ටික ඊට එක්කරන්න. දැන් අඹරාගත් හාල් පොල් ද එයට එක්කර හොඳින් තැම්බෙන්නට හරින්න. එසේ හොඳින් තැම්බුණු අල කොළ ළිපෙන් බාගන්න. ඉන්පසු වෙනත් භාජනයක් ළිප තබා ඊට පොල්තෙල් ස්වල්පයක් එක්කරන්න. තෙල් හොඳින් රත්වු පසු අබ ස්වල්පයක්, කඩාගත් වියළි මිරිස් කරල් කිහිපයක් දමා තෙම්පරාදු කරන්න. අල කොළ ඇඹුලට එක්කරගන්න. අනතුරුව එය හොඳින් මිශ්‍ර කරන්න.