අවශ්‍ය ද්‍රව්‍ය
සුදු සීනි ග්‍රෑම් 350
ගාගත් පොල් ග්‍රෑම් 200
වතුර මිලිලීටර් 120
බටර් ග්‍රෑම් 30
වැනිලා තේ හැඳි 1
කිරි පිටි මේස හැඳි 3
කැමති වර්ණයකින් කලරින්
රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පෑන් එකකට සීනි ස්වල්පයක් හා වතුර දමා සීනි දියවෙනතෙක් මද ගින්නෙ හැඳි ගාගන්න. මද වේලාවකට පසු පොල්, ඉතිරි සීනි, කිරිපිටි, ලුණු, බටර් හා කලරින් දමා අවශ්‍ය පදමට සාදා බටර් ගාගත් තැටියකට දමා තුනී කර නිවුණු පසු කෑලි කපාගන්න.