Tuesday, April 16, 2024
Follow Us
අමන්දානන්දයට පත් වෙන උමංදාවේ රජ බොජුන්

හැමදාමත් සුවිශේෂී දේ පළමුවෙන්ම ඔබට රැගෙන එන තරුණී පුවත්පත හරහා උමංදාවේ සුවිශේෂ ආහාර සකසා ගන්නා ආකාරය ඔබට කියා දීමට අප සූදානම්

කටට රසට කන්න අපි කවුරුත් බොහොම මනාපයි. හැබැයි රසය, පෙනුම ගැන හිතන බොහෝදෙනකු තමන් භුක්ති විඳින ආහාරවල පෝෂණ ගුණය ගැන එතරම් අවධානයට ලක් කරන්නේ නැහැ. නමුත් ජීවිතයේ පැවැත්ම උදෙසා ලබා ගන්නා මේ ආහාර වේලෙහි රසවත් බව, පෙනුම වගේම පෝෂණ ගුණයත් ඉතා වැදගත්.

විශේෂයෙන්ම විවිධ කෘත්‍රිම රසකාරක එකතුකර සකසා ගන්නා වසවිස සහිත ආහාරයක් වෙනුවට තමන්ගේම ගෙවත්තෙන් නෙළාගන්නා නැවුම් ඵලදාවෙන් සකසා ගන්නා දේ මොන තරම් අපූරුද ? පූජ්‍ය සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් උමංදාවේ තැනෙන මේ වස විසෙන් තොර දේශීය ආහාර, අපේම ආහාර කලාවක් පිළිබඳ ලෝකයටම අපූරු ආදර්ශයක් සපයනවා.

ඔබේ ගෙවත්තේ ගසකින් කඩා ගත් අනෝදා ගෙඩියකින් සැකසිය හැකි මේ ප්‍රණීත අනෝදා මස්කට් ඊට අපූරු උදාහරණයක්.

කාලා තියෙනවාද මේ අනෝදා මස්කට්

* අනෝදා මද ග්‍රෑම් 500ක්

* සීනි ග්‍රෑම් 750 ක්

* එළඟි තෙල් මේස හැඳි දෙකක්

* කජු හෝ මුද්දරප්පලම්

* කෝන්ෆ්ලා මේස හැඳි දෙකක්

* රස පදමට ලුණු ස්වල්පයක්

* පළමුව හොඳින් ඉදුණු අනෝදා ගෙඩියක් රැගෙන පොත්ත සහ ඇට ඉවත්කර මදය වෙන් කරගන්න. අනතුරුව ඒ ටික හොඳින් පොඩි කරගන්න .

* මෙලෙස පොඩි කරගත් අනෝදා සහ සීනි මිශ්‍රකර භාජනයකට දමන්න.

* දැන් මේ බඳුන ළිප තබා හොඳින් හැඳි ගාන්න.

.* අනෝදා මිශ්‍රණය තරමක් ඝන වූ පසු එයට ඇල් වතුර ස්වල්පයක් සහ දියකර ගත් කෝන්ෆ්ලා ද එක් කරන්න.

* තවදුරටත් හැඳි ගාන්න.

* මේ මිශ්‍රණය තැම්බී ඝන වූ පසු එයට එළගිතෙල් ටික එකතුකර හොඳින් පදම් කරගන්න.

* ඉන්පසුව බඳුන ළිපෙන් ඉවතට ගෙන කජු සහ මුද්දරප්පලම් එකතු කරන්න.

* දැන් මේ මිශ්‍රණය එළඟිතෙල් තැවරූ තැටියකට දමා තුනීකර කැබලිවලට කපා ගන්න.

විශේෂ ස්තූතිය

වෛද්‍ය නිරංජලා මහත්මිය

උමන්දාවේ නිර්මාතෘ

පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ

Tharunie