Friday, April 19, 2024
Follow Us
mongolian chicken

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව කපාගත් කුකුල් මස් ග්‍රෑම් 500
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2


බිත්තර 1
කෝන් පිටි මේස හැඳි 2
චොප් කරගත් සුදූ ලුනූ තේ හැඳි 1
චොප් කරගත් ඉඟුරු තේ හැඳි 1
තල ඇට ස්වල්පයක්
සිහින්ව කපාගත් ලූනු කොළ ග්‍රෑම් 50
සෝයා සෝස් මේස හැඳි 3
ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
සීනි මේස හැඳි 1/2
වතුරේ දිය කරගත් කෝන් පිටි ස්වල්පයක්
පාන් පිටි මේස හැඳි 2
රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

බෝල් එකකට කුකුල් මස්, ලුණු, ගම්මිරිස්, බිත්තර හා කෝන් පිටි දමා හොඳින් මිශ්‍රකර විනාඩි 15 ක් පමණ වසා තබා ගැඹුරු තෙලේ බැදගන්න. පැන් එකක් ළිප තබා එයට ඉඟුරු, සුදු ලූනු දමා තෙම්පරාදු වෙන්න හැර සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් වතුර ස්වල්පයක් සහ සීනි එකතු කරගන්න. පසුව වතුරෙ දිය කරගත් කෝන් පිටි, බැදගත් කුකුල් මස් හා ලූනු කොළ එක්කර හොඳින් මිශ්‍ර කර අවසානයට උඩින් තල ඇට ඉසගන්න.

සූපවේදී සපුමල් විජේසිංහ

Nawaliya