Tuesday, April 30, 2024
Follow Us
ආහාර රුචිය වැඩිකරන සියඹලා මල් ඇඹුල

ගසෙහි කොළ තරමට හටගන්නා සියඹලා මල්වලින් වැඩි ප්‍රමාණයක් නටුවෙන් ගිලිහෙනවා. ගස යට මල් පාවඩයක් දැම්මා හා සමාන මේ සියඹලා මල් රසවත් ව්‍යංජනයක් ලෙස පිළියෙල කළ හැකි යැයි ඔබ සිතුවාද? කල් තබාගෙන ප්‍රයෝජනයට ගත හැකි මේ සියඹලා මල් ඇඹුල අතීතයේදී වන්දනා ගමනට නැතිවම බැරි ව්‍යංජනයකි.

හිරු එළියේ හොඳින් වියළාගත් සියඹලා මල් සුළං නොවදින සේ බඳුනක අසුරා තැබීමෙන් වසරකට අධික කාලයක් වුවත් කල් තබා ගත හැකියි.

සියඹලා මල් වියළා මෙන්ම අමුවෙන් ද පිසගත හැකියි. එහිදී අමු මල් ව්‍යංජනය තරමක් ඇඹුල් රසැති නමුදු සෘජුවම පිසගත හැකියි. පිරිසුදුව තද හිරු එළියේ හොඳින් වියළාගත් සියඹලා මල් පිසින්නට පෙර තද උණුසුම් ජලයේ විනාඩි 10ක් පමණ තම්බාගන්න. අනතුරුව හොඳින් ජලය මිරිකා හැර අවශ්‍ය අමුද්‍රව්‍ය යොදා පිසගන්න.

අමු හෝ වියළාගත් සියඹලා මල් අවශ්‍ය ප්‍රමාණයට

සිහින්ව කපාගත් සුදුලූනු

බී ලූනු හෝ රතුලූනු

ගෙඩි කිහිපයක්

උම්බලකඩ හෝ හාල්

මැස්සන් ස්වල්පයක්

තක්කාලි ගෙඩියක් හෝ

දෙකක්

රම්පේ කරපිංචා

පොල් කිරි ස්වල්පයක්

රස අනුව මිරිස් සහ

ලුණු

කහ ස්වල්පයක්

බඳුනක් ළිප තබා පොල්තෙල් ස්වල්පයක් දමා රත්කර ගන්න. එයට කපාගත් සුදුලුනු, රතුලුනු හෝ බීලුනු, උම්බලකඩ හෝ පිරිසුදු කරගත් හාල්මැස්සන්, රම්පේ, කරපිංචා ඇතුළු සියල්ලම රත් වූ තෙල් බඳුනට, එක්කර හොඳින් තෙම්පරාදු කරගන්න.

ඉන්පසු වතුර මිරිකා ඉවත්කරගත් සියඹලා මල් හෝ අමු සියඹලා මල් එක්කරන්න. එයට කපාගත් තක්කාලි ද එක්කරන්න. රස පදමට මිරිස්, ලුණු සමඟ පොල් කිරි ස්වල්පයක් එක්කරන්න. සියඹලා මල් හොඳින් මැලවීගෙන එද්දී ළිපෙන් පිටතට බා ගන්න. තක්කාලි එක් කිරීමෙන් සියඹලා මල්වල ඇඹුල් ගතිය අඩුවේ. දින කිහිපයක් තබා ගන්නේ නම් පොල්කිරි එකතු නොකරන්න. ‍

Tharunie