Friday, May 01, 2026
Follow Us
තක්කාලි රතුළුෑණු කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව කපාගත් තක්කාලි ග්‍රෑම් 250

සිහින්ව කපාගත් රතු ලූනු ග්‍රෑම් 50

සිහින්ව කපාගත් කොච්චි කරල් 2

සිහින්ව කපාගත් සුදු ලූනු බික් 2

කරපිංචා ඉති 1

මිටි කිරි අඬු කොප්ප 1

දිය කිරි අඬු කොප්ප 1

මිරිස් කුඩු තේ හැඳි 1

ගම්මිරිස් කුඩු තේ හැඳි 1

ගොරකා කෑලි 1

රස අනුව ලුණු

පොල්තෙල් මේස හැඳි 4

සාදාගන්නා ආකාරය

තෙල් රත් වූ භාජනයකට කපාගත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් තෙම්පරාදු කර මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු එකතුකර කලවම් කරගන්න. පසුව දිය කිරි එකතුකර උතුරවාගෙන අවසානයට මිටි කිරි එකතුකරගන්න.

-Nawaliya